පින්සිදු වන්නේ අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ
වනේ පුරා සොයා ගොසින් කෝටු කඩාලා
කුඩා කුඩා කැබලි තුඩින් මෙහි ගෙනවිල්ලා
ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තබාලා
උදේ පටන් දවස පුරා තූඩු තනාලා
කොලේ කොලේ දමා කුඩා නිවස තනන්නේ
මගේ දයා බිරිද නිතර එය සරසන්නේ
රැලේ රැලේ පුඵන් දමා යහන සදන්නේ
අගේ මටයි ළදරුවනේ එය නොකඩන්නේ
මෙදා මගේ නිවස ඇතා සතුට වඩාලා
උදාරවූ කිරිල්ලගේ දරුවෝ පිරීලා
එදා අනේ අපට ගලෙන් ගැසුව සියල්ලා
වැදා කියමි මගේ පුතුන් හෙම නොමරල්ලා
දෙමාපියන් සෙනේ වෙතේ තම දරුවන්ටා
ළමා ඔබෙන් අපට නැතේ මිහිපිට ඉන්ටා
සමාවෙලා මෙ අප වෙතේ දිවි රැක ගන්ටා
සමා යදිමි දෙන්න පුතේ මෙතෙන රැදෙන්ටා
ගායනය : සී.ටී. ප්ර.නාන්දු
පදරචනය : ආර්.එන්.එච්.පෙරේරා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment