Sunday, October 3, 2010

මොනවද මුත්තේ - monawada muththe.....

මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ

ඔබටත් ළමයෝ නොපෙනෙයි නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි

දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද

මම ළමයේ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

තමන්ට නොලැබෙන දෙයකින් ලෝකෙට
කරන්ට හැකිදේ නොම තේරේ මට

පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
හැදුනොත් ඔහෝමට ඔබටම වෙයි දොස

පෙර උන් අය සිටවූ අඹ ගස්වල
ඵලයෙන් අපි කවුරුත් ලබනෙමු පල

අපෙන් පසුව අන අයටත් එම පල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම

ඒ යුතුකම හොද හැටි දැන ගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි


ගායනය : රෝහණ වීරසිංහ. අනූෂා නානායක්කාර

No comments:

Post a Comment